>

ad

Commercial Bank - Art Competition Sri lanka 2023 - Sinhala Detail - Closing Date 2023.09.10

 ආදරණීය දුවේ පුතේ,

පුංචි ඔබේ හිතට නැගෙන ලස්සන අදහස් සිතුවම් කරලා අපට එවන්න. කොමර්ෂල් බැංකුවේ අරුණලූ සිත්තම් ළමා චිත‍්‍ර තරඟය තුළින් ඒ සිත්තම්වලට තෑගි දෙන්න අපි සූදානම්.

තරඟ අංශ සහ වයස් සීමාවන්

  1. පුර්ව ප්‍රාථමික අංශය - වයස අවුරුදු 04-05 (උපන් වර්ෂ 2018/2019)
  2. ප්‍රාථමික අංශය - වයස අවුරුදු 06-07 (උපන් වර්ෂ 2016/2017)
  3. පශ්චාත් ප්‍රාථමික අංශය - වයස අවුරුදු 07-10 (උපන් වර්ෂ 2013/2014/2015)
  4. කණිෂ්ඨ අංශය - වයස අවුරුදු 11-13 (උපන් වර්ෂ 2010/2011/2012)
  5. ජ්‍යෙෂ්ඨ අංශය - වයස අවුරුදු 14-16 (උපන් වර්ෂ 2007/2008/2009)
ඉහත සඳහන් තරඟ අංශ සඳහා අදාළ වර්ෂයන්හි උපන් දිනය යෙදී ඇති සියළුම දරු දැරියන්ට නිර්මාණ එවිය හැකිය.

තේමාව සහ චිත‍්‍ර ඇඳීම සඳහා භාවිතා කළ යුතු කඩදාසියේ ප‍්‍රමාණය

අංශය

තේමාව

කඩදාසියේ ප්රමාණය

පූර්ව රාථමික

තමන් කැමති මාතෘකාවක්

A3

රාථමික

තමන් කැමති මාතෘකාවක්

A3

පශ්චාත් රාථමික

තමන් කැමති මාතෘකාවක්

A3

කණිෂ්ඨ

අපගේ ජීවන රටාව

අඟල් 14 x අඟල් 18

ජ්යේෂ්ඨ

ස්වභාව ධර්මයේ දායාද

අඟල් 14 x අඟල් 18



අප වෙත එවිය යුතු ක‍්‍රමය

2023  අගෝස්තු මස 12 සිට 2023 සැප්තැම්බර්10 දක්වා කාලය තුළ www.arunalusiththam.lk වෙබ් අඩවියට පිවිස ඔබ විසින් ඇඳ නිම කරනු ලැබූ චිත‍්‍රයෙහි ස්කෑන් (Scan) පිටපත සහ අදාල විස්තර ඇතුළත් කිරීමෙන් චිත‍්‍ර තරඟයට ඇතුළත් විය හැකිය. ස්කෑන් කළ චිත‍්‍ර ඇතුළත් කළ හැක්කේ JPEG  ආකෘතියෙන් වන අතර එහි ප‍්‍රමාණය මෙගා බයිට් 5ට (5Mb) නොවැඩි විය යුතුය. වෙබ් අඩවියෙහි ඇති ආකෘතිපත‍්‍රයේ තරඟකරුගේ සම්පූර්ණ නම, තරඟකරුගේ උපන්දිනය, ලිපිනය, විද්‍යුත් ලිපිනය, දුරකතන අංකය (ජංගම), මව/පියා/භාරකරුගේ නම, පාසල සහ එහි ලිපිනය සඳහන් කර එවිය යුතුය.

තරඟ කොන්දේසි

  1. චිත‍්‍ර තරඟය සඳහා එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් චිත‍්‍රයක් පමණි.
  2. තමන් කැමති ඕනෑම මාධ්‍යයක් භාවිතා කළ හැකි අතර ඇලෙන සුළු, නොවේලෙන තීන්ත වර්ග භාවිතා නොකළ යුතුයි.
  3. තරඟයට ඉදිරිපත් කර ඇති ඔබගේ චිත‍්‍රය අවසන් වටයට තේරුණහොත් හෝ ජයග‍්‍රහණය කළහොත් අප දැනුම්දුන් විටෙක එහි මුල් චිත‍්‍රය අප වෙත ඉදිරිපත් කිරීමට සුරක්ෂිතව තබා ගත යුතුයි.
  4. ජයග‍්‍රහණ ලැබූ නිර්මාණ සම්බන්දව දැනුවත් කිරීමෙන් පසුව, විදුහල්පති/ග‍්‍රාමනිලධාරී/නීතිඥයකු/ සාම විනිසුරුවරයකු මඟින් සහතික කරගත් ඔබගේ මුල් චිත‍්‍රය, අප විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කරමින් අප වෙත ලැබීමට සැලැස්විය යුතුයි.
  5. ඔබ විසින් ඉදිරිපත් කරන චිත‍්‍රය ස්වයං නිර්මාණයක් විය යුතයි. චිත‍්‍රය වෙනත් තරඟයකට ඉදිරිපත් නොකළ චිත‍්‍රයක් විය යුතු අතර නැවත ඇඳීම හෝ අන්සතු කිරීම නොකළ යුතුයි.
  6. චිත‍්‍ර තරඟය සඳහා ඉදිරිපත් කරනු ලබන සියළුම නිර්මාණවල අයිතිය කොමර්ෂල් බැංකුව සතුවන අතර ඒවා නැවත භාර දෙනු නොලැබේ.
  7. ප‍්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් මගින් ජයග‍්‍රාහී ස්ථාන, ත්‍යාග සහ සහතික පත‍්‍රවලට සුදුස්සන් තෝරාගනු ගනු ලබන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
  8. මෙම තරගය සඳහා කොමර්ෂල් බැංකුවේ සේවය කරන කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ට සහභාගි විය නොහැක.

ත්‍යාග සහ සහතික පත්‍ර

පූර්ව ප‍්‍රාථමික අංශයේ විශිෂ්ට කෘති 25 ක් සඳහා රුපියල් දසදහස (රු.10,000/‐)  බැගින් වූ මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනමනු ලැබේ. තවත් කුසලතා සම්මාන 50ක් සඳහා සහතික පත් පිරිනමනු ලැබේ. ඉතිරි සියළුම තරඟ අංශවල ප‍්‍රථම, දෙවන, තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් ලක්ෂයක් (රු.100,000/‐) , රුපියල් හැත්තෑ පන්දහසක් (රු.75,000/‐),  රුපියල් පනස්දහසක් (රු.50,000/‐), බැගින් වූ  මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍රද, විශිෂ්ට කුසලතා සම්මාන 25ක් සඳහා රුපියල් දසදහස (රු.10,000/‐) බැගින් වූ මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍රද තවත් කුසලතා සම්මාන 50ක් සඳහා සහතික පත‍්‍රද පිරිනමනු ලැබේ.

සියළුම මුදල් ත්‍යාග කොමර්ෂල් බැංකුවේ අරුණලූ ළමා ඉතුරුම් ගිණුම් වෙත බැර කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා 0112 353 353 අමතන්න.