ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
2023 ලෝක ජනාවාස දින දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර / රචනා තරගය
Closing Date - 31 - August - 2023
Closing Date - 31 - August - 2023
Closing Date - 31 - August - 2023
Closing Date - 31 - August - 2023
Closing Date - 31 - August - 2023
ඔක්තෝබර් මස 02 දාට යෙදී ඇති 2023 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පැවැත්වෙන දීප ව්‍යාප්ත චිත්‍ර හා රචනා තරග සඳහා දිවයිනේ සියලුම පාසල් ශිෂ්‍ය / ශිෂ්‍යයාවන්ට මෙයින් ආරාධනා කරනු ලැබේ.
● අනාගත අපේ ජනාවාස
● නගරයක අනාගත නිවාසකරණය උදෙසා තරුණ සහභාගිත්වය
● සුවදායී නාගරික දිවියකට සැළසුම්ගත ජනාවාස
● මානව ජනාවාස සුරක්ෂිතතාවය මඟින් අනාගත නගර නිර්මාණය
ඉහත සඳහන් එක් අදහසක් හෝ අදහස් සියල්ල හෝ ගොනු කොට අයදුම්කරුවන්ට සිය චිත්‍ර හා රචනා නිර්මාණය කළ හැකි වේ.
➢ රජයේ පාසලක හෝ පෞද්ගලික පාසලක හෝ ශිෂ්‍ය / ශිෂ්‍යයාවන්ට මේ තරග සඳහා සහභාගි විය හැකියි.
➢ මෙම තරඟය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන්ගේ දරුවන්ට මෙම සහභාගි විය නොහැකි ය.
තරග කාණ්ඩ
පළමු කාණ්ඩය - 03, 04 සහ 05 ශ්‍රේණි
දෙවන කාණ්ඩය - 06, 07, 08 සහ 09 ශ්‍රේණි
තෙවන කාණ්ඩය - 10,11,12 සහ 13 ශ්‍රේණි
➢ චිත්‍ර තරගය සඳහා ඉදිරිපත් කරන නිර්මාණ අඟල් 17 × 22 ප්‍රමාණයේ කඩදාසියක නිර්මාණය කළ යුතු වේ.
➢ මෙම චිත්‍රය නිර්මාණය කිරීම සඳහා පැස්ටල්, දියසායම්, පැන්සල් වැනි ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිතා කළ හැකි ය.
පළමු කාණ්ඩය - 06 ශ්‍රේණිය සිට 09 ශ්‍රේණිය දක්වා (වචන 300 ක උපරිමයකට යටත්ව)
දෙවන කාණ්ඩය - 10 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා (වචන 500 ක උපරිමයකට යටත්ව)
1. සිංහල මාධ්‍ය
2. දෙමළ මාධ්‍ය
සියලු තරගවල අවසාන ජයග්‍රාහකයින් හට පහත සඳහන් අයුරින් ත්‍යාග පිරිනැමේ.
ප්‍රථම ස්ථානය - රුපියල් 15,000/-ක් තිළිණයක් සහ සහතික පතක්
දෙවන ස්ථානය - රුපියල් 10,000/- ක් තිළිණයක් සහ සහතික පතක්
තෙවන ස්ථානය - රුපියල් 7,500/- ක් තිළිණයක් සහ සහතික පතක්
කුසලතා ත්‍යාග - රුපියල් 3,000/- ක් බැගින් වූ කුසලතා ත්‍යාග 05ක් සහ සහතික පත් 05 ක්
ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග 2023 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවයේ දී සිදු කෙරේ.
සියලු අයදුම්කරුවන් ඒ සඳහා නියමිත අයදුම්පත සමඟින් තමන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණ තමාගේම නිර්මාණයක් බවට තමන් ඉගෙනුම ලබන විදුහලේ, විදුහල්පති විසින් සහතික කරවා ගෙන 2023 අගෝස්තු මස 31 දිනට ප්‍රථම තැපෑලෙන් හෝ පෞද්ගලිකව හෝ පහත සඳහන් ලිපිනයට යොමු කළ යුතු වේ. චිත්‍රය පිටුපස අයදුම් පත්‍රය ඇලවීශ්‍ෙන් ශ්‍හෝ චිත්‍රය පිටුපස ලිවීශ්‍ෙන් ව්‍ළකින්නග එය චිත්‍රය සෙඟ ඇෙණුෙක් ශ්‍ලස එවිය යුතුයග අයදුම්පත්‍රය රහිතව ඉදිරිපත් කෙරෙන නිර්මාණ භාර ගනු නොලැබේ. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “ලෝක ජනාවාස දිනය 2023 - නිර්මාණ” යනුවෙන් සඳහන් කළ යුතු ය. ඉහත සදඟන් තරගවලට ඉදිරිපත් කරන සියලු නිර්මාණ සඳහා අයදුම්පත් පහත සඳහන් ලිපිනයෙන්,
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල වෙතින් හෝ https://www.nhda.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි වේ.
ලිපිනය - සහකාර සාමාන්‍යාධිකාරි (තොරතුරු හා ප්‍රචාරක)
තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය
07 වන මහල
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත
කොළඹ - 02
දුරකථන අංක ඃ 011-2447038 / 011-2389513 /011-2447207